Friday, October 11, 2013

reaserch

පර්යේෂණ - Research

පර්යේෂණ යනු කුමක් ද ?

නව දැනුම ලබා ගැනීමටත් පවතින්නා වූ දැනුම වැඩි දියුණු කර ගැනීමටත් සිදු කරනු ලබන විධිමත් විද්‍යාත්මක සොයා බැලීම පර්යේෂණයක් ලෙස අර්ථ දැක්විය හැකිය.

නව දැනුම පවතින දැනුම පර්යේෂන පිළිබ`ද නිර්වචන —ස්වභාවික සංසිද්ධීන් අතර පවතින්නේ යැයි අනුමාන කරනු ලබන සම්බන්ධතා මත ගොඩනගා ගන්නා ලද උපකල්පිත පිළිබ`ද කරනු ලබන ක්‍රමානුකූලවූත් විවේචනාත්මක වූත් ඉන්ද්‍රියගෝචර වූත් ආනුභාවික වූත් සොයා බැලීමකි.˜ කර්ලින්ගර් : Kerlinger 1970 - —ගැටලූව පිළිබ`ද විශ්වාස කටයුතු තොරතුරු සැපයීමට භාවිතා කරන ක්‍රම සමූහයක් ක්‍රමවත්ව භාවිතා කිරිමයි. ˜ ( ගේ සහ එයිරේසියන් 2002) — කිසියම් දැනුම් ක්ෂේත්‍රයක කවුලූ හෝ මූල ධර්ම අනාවරණය කිරීම ස`දහා හෝ තහවුරු කිරීම ස`දහා ප්‍රවේශමෙන් විධිමත්ව ඉවසිලිවන්තව කරගෙන යනු ලබන අධ්‍යයනක් හෝ පරීක‍ෂාවකි. ˜ උැඉිඑැර.ි ෘසජඑසදබ්රහ 1986 ඉහත නිර්වචන වලට අනුව පර්යේෂණයක් ලෙස හැ`දින්වෙන්නේ කුමක් යන්න පහත ආකාරයට අර්ථ දැක්විය හැකිය. ඥාණ සම්පාදනයේ විධිමත් ක්‍රමයේ පර්යේෂණයයි. ඥාන සම්පාදනයේ වෙනත් ක්‍රම 1. අත්දැකීම් 2. සම්ප්‍රදායන් 3. අදිකාරි බලය මෙම ක්‍රමවල දැනුමේ වලංගුතාවක් විශ්වාසනීයත්වයක් නැත. ඒ අනුව විධිමත් ක්‍රමයක් ලෙස හැ`දින්විය නොහැක. 6 ක්‍රී.පූ. 3 ක්‍රි.පූ 0 ක්‍රි.ව 1500 ක්‍රි.ව 1563 ක්‍රි.ව. - ගැලීලියෝ ගැලිලි කොපර්නිකස් විසින් සොයාගත් විද්‍යාත්මක ක්‍රම මෙම වකවානුවට අයත් ය. නවීන විද්‍යාවේ පියා ලෙස හැ`දින්වෙන ගැලීලියෝ ගැලිලිගේ පර්යේෂණවලින් පසු විද්‍යාත්මක ක්‍රමය බිහි වුණි. විද්‍යාත්මක ක්‍රමයේ පර්යේෂණයක් කළ යුතුය. නිරීක‍ෂණ හා නිගමන තිබිය යුතුය. එහෙත් මෙම වකවානුව වන විට විවිධ විද්‍යාවන් විවිධ සොයා ගැනීම් සිදුවුන ද භෞතිකව ඉදිරියට ඒමට බැරි විය. එම නිසා පහත දක්වා ඇති ආකාරයට විද්‍යාත්මකව පර්යේෂණයක් සැලසුම් කල හැකිය.
- විද්‍යාත්මක ක්‍රමය පර්යේෂකයා තමා විසින්ම තෝරා ගන්නා ලද ගැටලූවට අදාළ ව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව කල්පිත ගොඩනගමින් එම කල්පිත තර්කානුකූල ව විමර්ශණයට භාජනය කරමින් එය සනාථ කරමින් හෝ ප්‍රතික්ෂේප කරමින් නිගමනවලට එළඹීම විද්‍යාත්මක ක්‍රමයේ හරයයි. තමා විසින්ම ගොඩනගා ගන්නා ලද කල්පිත වූවද විමර්ෂණයට ලක් කරමින් සත්‍යාසත්‍ය පරීක‍ෂා කොට හේතු සාධක සහිත ව නිගමන වලට එළඹීම විද්‍යාත්මක ක්‍රමයේ විශේෂ ලක්ෂණයකි. එසේම අක්‍රමිකතාව වෙනුවට අරමුණක් සහිතව කරුණු රැස් කිරිම හා විමර්ශනය කිරිම තුළින් නිවැරදි විනිශ්චයට එළඹිම විද්‍යාත්මක ක්‍රමයේ ස්වභාවයකි. විද්‍යාත්මක විෂය ෙක‍ෂ්ත්‍රයේ පර්යේෂණ ස`දහා පළමු ව භාවිතා කළ විද්‍යාත්මක ක්‍රමය දැන් දැන් බොහෝ සෙයින් අධ්‍යාපනය වැනි සමාජ විද්‍යා පර්යේෂණ ස`දහා ද භාවිතා කරනු ලබයි. ගැටලූ විසදීමේ අනෙකුත් ක්‍රමවලට වඩා ඉදිරියෙන් සිටින විද්‍යාත්මක ක්‍රමය පර්යේෂණ කෘත්‍යයෙහිලා අද වඩාත් භාවිතා කරන විස්වාසදායක ප්‍රවේශය බවට පත්ව ඇත. එය සරල පියවර 5 කින් විග්‍රහ කල හැකිය. 1. ගැටලූව හ`දුනා ගැනීම :- විද්‍යාත්මක ක්‍රමය අනුව පර්යේෂණයක් ගැටලූවකින් ආරම්භ වේ. මේ අනුව පර්යේෂකයා පළමුව තම ගැටලූව හ`දුනාගත යුතුය. එය නිර්වචනය කරමින් මැනවින් අර්ථකථනය කරගත යුතුය. 2. නිරීක්ෂණ මගින් ගැටලූවට අුදාල දත්ත රැස් කරයි. ගැටලූවට අදාල ෙක‍ෂ්ත්‍රය පිළි්බ`ද තොරතුරු, සම්බන්ධතා , සාක්ෂි , වාර්තා , මුලාශ්‍ර, ඉවහල් වූ සාධක අන්තර් සම්බන්ධතා ආදී වශයෙන් අදාල දත්ත රැස් කරයි. 3. අභ්‍යුපගමන උපන්‍යාස හෙවත් කල්පිත ගොඩ නැගීම තාවකාලික විස`දුම් මාර්ග හෙවත් කල්පිත එකක් හෝ කිහිපයක් ගොඩ නගති. මෙහිදී පෙර අත්දැකීම් , දැනුම , පරිචය , බුද්ධිය , හා අවස්ථාවෝචිත දක්ෂතා ආදිය ඉවහල් වේ. 4. දත්ත විශ්ලේෂණය හා අර්ථකථනය කිරිම. එකතු කරන ලද දත්ත ක්‍රමානුකූලව පෙළ ගස්වමින් ඒවා විශ්ලේෂණයට භාජනය කළ යුතු වේ. එසේ විශ්ලේෂනය කිරිමත් සම`ග ම දත්ත අර්ථකථනය කළ යුතු වේ. පර්යේෂණයේ ඉදිරිය සාර්ථක හෝ අසාර්ථක වන්නේ මෙසේ දත්ත විශ්ලේෂණයට හා අර්ථකථනයට පර්යේෂකයාට ඇති හැකියාව මතයි. 5. කල්පිත පරික්ෂා කරමින් නිගමන හා යෝජනාවලට එළඹිම. පෙරදී ගොඩනැගු එක් එක් කල්පිතය ගෙන තමන් ඉදිරියේ ඇති විශ්ලේෂත දත්්ත අර්ථකථනයක් සම`ග තුලනය කරමින් එම කල්පිත සත්‍ය හෝ අසත්‍ය වේද යන්න පරීක‍ෂා කරනු ලැබේ. පෝල් ලීඩ්ට අනුව පර්යේෂණ චක්‍රයේ ක්‍රියාකාරිත්වය
පර්යේෂණ වර්ග - ඍැිැ්රජය ඔහචැි අන්තර් ක්‍රියා සහිත පර්යේෂන අන්තර් ක්‍රියා රහති පර්යේෂන සම්පරීක‍ෂණ නොවන ප්‍රමාණත්මක පර්යේෂණ සම්පරීක‍ෂණ වන ප්‍රමාණාත්මක පර්යේෂණ ගුණාත්මක පර්යේෂණ වර්ග - මානව විධි විවරණ පර්යේෂණ
- ප්‍රත්‍යයක අධ්‍යයනය - කාර්ය මූලික පර්යේෂනය - භුමි ගත න්‍යාය පර්යේෂණ වලින් ගුරුවරයාට ඇති වැදගත්කම - පන්ති කාමරයේ එදිනෙදා මතුවන ගැටලූ විශ්ලේෂණය කර විස`දුම් සෙවීම - ස්වකීය වෘත්තීය සංවර්ධනය - තම හැකියා , දක්ෂතා , නිපුණතා සංවර්ධනය - අධ්‍යාපන ව්‍යාවහාරය සංවර්ධනය වීම හා දැනුම ප්‍රචලිත කිරිමට දායක වීම. - ශිෂ්‍ය සංවර්ධනය ම`ග පෙන්වීම - පාසලේ සංවර්ධනයට දායක වීමට හැකිවීම.